ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ තත්වය ස්ථාවරයි. යාන්ත්‍රික ශ්වසන සහය ඉවත් කෙරේ රෝම වැසියන් එතුමන් වෙනුවෙන් යාච්ඥා කිරීම දිගටම

ඉරිදා ජපමාල යැදුමට සාන්ත පීතර චතුරශ්‍රයට එක් වූ ජනතාවගෙන් කොටසක් 


( 2025 මාර්තු 2)

ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ගේ තත්ත්වය ස්ථාවර වී ඇතැයි වතිකාන මාධ්‍ය කාර්යාලය ඉරිදා සවස නිකුත් කළ නිවේදනය ප්‍රකාශ කරයි.  රෝමයේ ජෙමෙල්ලි රෝහලේ වාර්තා උපුටා දක්වමින් නිකුත් කෙරුණු එම නිවේදනය මෙසේය:

"ශුද්ධෝත්තම පියාණන් ගේ සායනික තත්ත්වය අදත් ස්ථාවරව පැවැතින. පාප්වහන්සේට තවදුරටත් අන්ධර්ගත නොවන යාන්ත්‍රික ශ්වසන සහය අවශ්‍ය නොවීය. අතිරේක ඔක්සිජන් සහය පමණක් ලබා දෙන ලදී. 

සායනික තත්වයේ සංකීර්ණත්වය හේතුවෙන් රෝග අනාවැකිය තවදුරටත් අවදානම් තත්ත්වයේ පවතියි. 

අද (ඉරිදා) ශුද්ධෝත්තම පියතුමා, මේ දිනවල රෝහලේ තමන්ට වෛද්‍ය, හෙද සහ සෙසු රැකබලා ගැනීම් කළ පිරිස සමග ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී විය. ඉන් පසුව එතුමා වරින් වර විවේකිවත්  යාච්ඥා කරමිනුත් කාලය ගත  කළේය."

ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා පෙබරවාරි 14 වන දා සිට ශ්වසන රෝග සංකීර්ණයක් හේතුවෙන් රෝහල් ගත වී ප්‍රතිකාර  ලබයි. මේ හේතුවෙන් මේ ඉරිදාත් තුන් වන වතාවටත් ජනතාව සමග තුන්කාල් ආරාධනා මරිය දැහැනට සහභාගී වීමට එතුමාට  නොහැකි විය. 

මේ අතර රෝම වැසියෝ තව දුරටත් පාප් වහන්සේ වෙනුවෙන් ජපමාලය යැදීම කරගෙන යමින් සිටිති. 

මේ ඉරිදා රාත්‍රියේ  ජපමාල යැදුම  මෙහෙයවන ලද්දේ පාප් වහන්සේ ගේ දයා සේවා අංශයේ නායක පෝලන්ත ජාතික කොන්රඩ් ක්‍රව්ජෙස්කි කාදිනල් හිමිපාණන් විසිනි. 


BREAKING: රෝහල් ගත වී සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දරුණු ඇදුම තත්වයකට මුහුණ දෙයි. "තත්වය තරමක් අයහපත්" -වතිකානය කියයි

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ තත්වය දරුණු අතට: ආජන්ටිනාවේ 'කාලකන්නි වතු" ඇතුළු ලොව පුරා ජනතාව පාප් වහන්සේ වෙනුවෙන් යාච්ඥා කිරීමට රොක්වෙති

Updates: "සුදොතුම් පියතුමා රෝහලේ නිසංසල රාත්‍රියක් ගත කළා" -වතිකානය . "මට දක්වන සෙනෙහසට ස්තුතියි!" පාප් තුමා රෝහලේ සිට කියයි

"සිරස" පුවත වැරැදියි - ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ඉල්ලා අස්වීම ගැන කිසිදු කතාවක් මෙතෙක් සිදු වී නැහැ. "අප මේ මොහොතේ සිතන්නේ ශුද්ධෝත්තම පියතුමා සුව වී පැමිණ යලිත් සිය සේවාව ආරම්භ කිරීම ගැන පමණයි" වතිකාන රාජ්‍ය ලේකම් කියයි

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝහලේ දසවැනි රාත්‍රිය විවේකීව ගත කරයි. ඉරිදා දිව්‍ය පූජාවට එක් වෙයි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය