ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ගොබ් ඉරිදා දිව්‍ය පූජාවට පැමිණි වන්දනාකරුවන්ට සුබ පතන්නට පැමිණෙයි (Video) Holy Father greets pilgrims on Palm Sunday in Saint Peter's Square

(2025 අප්‍රේල් 13) අප්‍රේල් 13 ඉරිදා ලොව පුර විවිධ ප්‍රදේශ වලින් වන්දනාකරුවෝ 20,000 කට අධික පිරිසක් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වී සිටියහ. ඔවුන් අත ගොබ් සහ ඔලිව් අතු 250,000ක් පමණ ලෙල දෙමින් තිබුණු බව වතිකාන වාර්තා ප්‍රකාශ කරයි. ඔවුන් මෙසේ රැස්වී සිටියේ සමිඳුන් ගේ දුක්ප්‍රාප්තියේ ගොබ් ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වීම සඳහාය. ශුද්ධවූ සතිය ආරම්භ කෙරෙන මේ දිව්‍ය පූජාව සාම්ප්‍රදායිකව පවත්වනු ලබන්නේ ශුද්ධෝත්තම පියතුමන් ගේ ප්‍රධානත්වයෙනි. එහෙත් මෙවර එතුමන්ට ඊට සහභාගී වීම නොහැකි වීම නිසා එය පවත්වන ලද්දේ කාදිනල් හිමිවරුන් ගේ කුලයේ උප නායක ආජන්ටිනා ජාතික ලියොනාඩෝ සැන්ඩ්‍රි කාදිනල් හිමිපාණන් විසිනි. වතිකානයේ සිටින කාදිනල් හිමිවරුන් 36 නමක්, රදගුරු හිමිවරුන් 30 නමක් සහ පුදැදුරුතුමන් 300කට වැඩි පිරිසක් සහභාගී වූහ. වැස්ස නැවතිලා - හිරු පායලා ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා මේ සතියේ කවර හෝ අවස්ථාවකට එක් වේවිද යන්න ගැන මාධ්‍ය ආයතන වතිකානයෙන් විමසා තිබුණත් ඊට පිලිතුරක් ලැබී තිබුණේ නැත.එහෙත් එතුමා ඉකුත් සතියේ අවස්ථා කිහිපයක සියල්ලන් මවිත කරමින් ජනතාව අත...