ස්වර්ගස්ථ පාප් වහන්සේට අන්තිමේටම "සුබ ගමන්" පතන්නේ රෝමයේ දුප්පතුන්
![]() |
සුදොතුම් පියතුමන්ට අවසන් ගෞරව දැක්වීම් සඳහා සාන්ත පීතර චතුරශ්‍රයේ රැස්වී සිටින ජනතාව |
(2025 අප්‍රේල් 25)
ලොව පුරා දුප්පත් ජනතාව ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ වැඩිම ආදරයට ලක්වූ ජනතාව ය. ලොව කොහේ ගියත් එතුමන් දුප්පතුන් සොයා ගියේ ය. වොඋන් වෙනුවෙන් හඬ නැගුවේය.
මේ නිසා තමන්ට ආදරය කල සුදොතුම් පියතුමා ගේ දේහය මිහිදන් කිරීමට පෙර එතුමන්ට අවසානයටම සුබ ගමන් ප්‍රාර්ථනා කිරීමේ ගෞරවය රෝමයේ දුප්පත් ජාන්තාවට දීමාට් වතිකනය තීරණය කර තිබේ.
අප්‍රේල් 26 වැනිදා සාන්ත පීතර බැසිලිකාවේ පවත්වනු ලබන අවමංගල දිව්‍ය පුජාවෙන් පසුව එතුමන් ගේ දේහය මිහිදන් කිරීම සඳහා ඊට සැතපුම් තුනක් පමණ දුරින් පිහිටි සාන්ත මරිය මජොරේ බසිලිකාවට ගෙන යනු ලැබේ. දේහය එම බැසිලිකාවට අතුලුවීමට පෙර දුප්පත් ප්‍රජාව දෙව්මැදුර ඉදිරිපිට දී දේහය පිළිගෙන අවසන් ගෞරව දැක්වීමට නියමිත බව වතිකාන් මාධ්‍ය කර්යලාය් ප්‍රකාශ කරයි.
මේ අතර 24 වැනි දා රාත්‍රියේ සාන්ත මරිය මජෝරේ බැසිලිකාව ඉදිරිපිට දී සුදොතුම් පියතුමා වෙනුවෙන් ජපමාල යැදුම ඔප්පු කෙරිණි. එය මෙහෙයවන ලද්දේ පිලිපීන ජාතික ඇන්ටෝනියෝ තග්ලේ කාදිනල් හිමිපාණන් විසිනි.
Comments
Post a Comment